සරසවිය සිනමා සම්මාන උලෙළ 2026
09 September 2026
06:00 PM
Colombo 07, Nelum Pokuna
Booking for this event is available to administrators only.
සරසවිය සිනමා සම්මාන උලෙළ 2026
ප්‍රයිම් – සරසවිය සිනමා සම්මාන උලෙළ 2026 , ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්රයේ විශිෂ්ට නිර්මාණකරුවන්, කලාකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් ඇගයීමට ලක් කරන 37 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළ ලෙස පැවැත්වීමට නියමිතය. මෙවර උලෙළේ තේමාව වන්නේ “සිනමා තාරුණ්‍යයේ නව අරුණැල්ල” යන්නයි.
2026 සැප්තැම්බර් 09 වැනිදා සවස 7.00 සිට කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම සම්මාන උලෙළ, 2025 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකාවේ තිරගත වූ සිංහල චිත්‍රපට ඇසුරින් නිර්මාණශීලීත්වය හා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරයි. 2025 වසරේ තිරගත වූ චිත්‍රපට 35ක් අතරින් චිත්‍රපට 30ක් තරගකාරී අංශයේ සම්මාන 34ක් සඳහා තරග වදින අතර, හොඳම දෙමළ භාෂිත චිත්‍රපටය සඳහාද සම්මානයක් පිරිනැමේ.
මෙවර සම්මාන අතර හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා හා නිළිය, හොඳම සහාය රංගනය, නවක රංගනය, තිර රචනය, සංගීත අධ්‍යක්ෂණය, ගීත රචනය, ගායනය, කලා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය, කැමරාකරණය, සංස්කරණය, ශබ්ද පරිපාලනය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහ වර්ණ සංයෝජනය ඇතුළු සිනමා ක්ෂේත්රයේ විවිධ අංශ ආවරණය වේ.
මීට අමතරව, වසරේ ජනප්‍රිය නළුවා, ජනප්‍රිය නිළිය සහ ජනප්‍රිය චිත්‍රපට ගීතය පාඨක හා ග්රාහක ඡන්දයෙන් තෝරා ගන්නා අතර, වසරේ ජනප්‍රිය චිත්‍රපටය ආදායම් වාර්තා අනුව තෝරා ගනු ලබයි.
සිනමාව වෙනුවෙන් දිගුකාලීනව කළ මෙහෙවර අගයමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මාන 04ක් , රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානයක් , ප්රශස්ත ඇගයීම් සම්මාන 02ක් සහ සහාය අධ්‍යක්ෂවරයෙකු සඳහා ඇගයුම් සම්මානයක් ද පිරිනැමේ.
සරසවිය සිනමා සම්මාන උලෙළ 1964දී ආරම්භ වූ අතර, දශක හයකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකේය සිනමාවේ ගෞරවනීය සම්මාන උලෙළක් ලෙස සිය අනන්‍යතාව රැකගෙන ඇත. වසර හයක නිහැඬියාවකින් පසු 2024දී නැවත ආරම්භ වූ සම්මාන උලෙළේ 37 වැනි අදියර මෙවර පැවැත්වේ.
ප්‍රධාන අනුග්‍රාහකයා – Prime Group |
Platinum අනුග්‍රාහකයා – Cargills |
Hospitality Partner – Cinnamon Grand Hotels ලෙස මෙවර උලෙළ සඳහා සහයෝගය ලබාදේ.
Session Date
Session Time
Ticket Prices
Invitees
Free
Booking for this session is available to administrators only.
Session Date
Session Time
Ticket Prices
Invitees
Free
Booking for this session is available to administrators only.